Sunday, January 15, 2017

BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් ( උපුටා ගැනිම සත්සයුර අඩවියෙනි )


ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (www.sathsayura.lk)

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි Bitcoin සල්ලි වලට ගන්නෙ කියන එක. ඒ නිසා අද ඒ ගැන පෝස්ට් එකක් දාන්න හිතුවා.


Bitcoin ගන්න තැන් නම් ඕන තරම් තියෙනවා. නමුත් අපේ සල්ලි වලට නියම වටිනාකම වගේම විශ්වාසය ලැබෙන තැන් තියෙන්නෙ කිහිපයක් විතරයි. ඒ වගේම අපේම සල්ලි දීලා Bitcoin ගන්නවා වුණාට සමහර තැන් වලින් Bitcoin ගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා.

ගොඩක් වෙලාවට අපි Bitcoin ගන්න ගෙවන්න පාවිච්චි කරන්නෙ අපේ ඩෙබිට් කාඩ් එක නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක. ඒ නිසා ඒ කාඩ් ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා. ඉතින් කැමති නම් ඒ ගැන ලියපු මේ ලිපියත් කියවන්න. එහෙමනම් මෙතන ඉඳලා Bitcoin ගන්න පුළුවන් හොඳම තැන් කිහිපයක් ගැන අපි එකින් එක කතා කරමු.

ඊට කලින් Bitcoin ගිණුමක් තියෙන්න ඕනේ. දැනට Bitcoin ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් එකක් හදා ගන්න. fees නැති නිසා වගේම ආරක්ෂිත නිසයි Xapo තෝරගෙන තියෙන්නෙ. ඒත් මේ ගිණුම සංකීර්ණයි වගේ නම් සරල විදිහට ගිණුමක් හදා ගන්න පුළුවන් Blockchain එකෙන් හරි Coinbase එකෙන් හරි.

Payza

හැමෝම හොඳට දන්න තැනක්. ඒත් සමහරු නොදන්නවා වෙන්න පුළුවන් Payza එකෙන් Bitcoin ගන්න පුළුවන් බව. දැනටමත් අන්තර්ජාලයෙන් සල්ලි හොයලා Payza එකට withdraw කරන අයට ලේසියෙන්ම ඒ සල්ලි Bitcoin වලට හරව ගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ Withdraw Funds පිටුවට ගිහින් Bitcoin තෝරන්න විතරයි. හැබැයි debit card එකෙන් Payza එකට සල්ලි දාලා ඒ සල්ලි වලින් නම් Payza වල Bitcoin ගන්න බෑ. අපි හොයන සල්ලි වලින් විතරයි මේකෙ Bitcoin ගන්න පුළුවන්.

😊 වාසි:
  • අමතර ලියකියවිලි නැතුව ලේසියෙන්ම Bitcoin මිලදීගන්න පුළුවන්.
  • Fee එක 2% යි. 
😢 අවාසි:
  • withdraw වෙන්න දවස් 3ත් 5ත් අතර කාලයක් ගත වෙනවා.
  • ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා Bitcoin ගන්න බෑ.
Revshare කරන අයට නම් Bitcoin ගන්න හොඳම ක්‍රමය Payza තමයි. මමත් දැන් ගොඩක් වෙලාවට Payza තමයි පාවිච්චි කරන්නෙ.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

ඒ වගේම අපිට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරල Bitcoin ගන්න ක්‍රමයකුත් තියෙනවා Payza එකේ. ඒකට හොඳ විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න ඕනේ. අපි Payza එකට කාඩ් එකෙන් සල්ලි දාලා ඒ සල්ලි යාළුවට යවනවා. යාළුවට කියනවා අපේ Bitcoin wallet address එකට ඒ සල්ලි withdraw කරන්න කියලා. එතකොට අපිට ආපහු Bitcoin විදිහට සල්ලි එනවා අපේ wallet එකට. මේකට ඉතින් දවස් 3-5 අතර කාලයක් යනවා. ඒ වගේම 10% ක් විතර fee එකකුත් කැපෙනවා. ඒ විතරක් නෙවෙයි යාළුවගෙ account එකත් verify කරලා තියෙන්න ඕනේ. 

Paxful LocalBitcoins

Bitcoin ගන්න වගේම විකුණන්නත් පුළුවන් marketplace දෙකක් තමයි Paxful සහ LocalBitcoins කියන්නේ. දෙකේම වැඩි වෙනසක් නෑ. හරියට Fiverr වගේ තමයි. Bitcoin විකුණන්න sellers ලා ඉන්නවා. අපි කරන්නෙ ඒ අයට ඒ අය ඉල්ලන payment method එකෙන්, ඒ කියන්නෙ Payza, Paypal, Bank Transfer වගේ එකකින් ගෙවලා bitcoin මිලදී ගන්න එක. Fiverr, E-bay වගේම Paxful / LocalBitcoins වලත් වෙබ් අඩවියෙන් buyers ලගේ සල්ලි වලට ආරක්ෂාව සපයන නිසා බය ඕන නෑ. 

මේ සයිට් වලදි සමහර විට seller ඉල්ලනව නම් විතරක් ගෙවන ගිණුමේ screenshots, ID කාඩ් එකේ photos එහෙම යවන්න වෙනවා ඔයාගෙ අනන්‍යතාවය තහවුරු කරන්න.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

මේ සයිට් වලදි අඩුම exchange rate එකක් තියෙන seller කෙනෙක් අපි search කරලා හොයා ගන්න ඕනා. ඒකට Buy Bitcoins පේජ් එකට ගිහින් අපේ මුදල දාලා ගෙවන ක්‍රමය දාලා search කරන්නයි තියෙන්නේ.

😊 වාසි: 
  • අඩු කාලයකින් පහසුවෙන් Bitcoin මිලදී ගන්න පුළුවන්.
  • ගෙවීම් ක්‍රම අති විශාල ප්‍රමාණයක් තියෙන නිසා තමන්ට පහසු ක්‍රමයක් තෝර ගන්න පුළුවන්.
😢 අවාසි: 
  • Exchange Rate එක වැඩි නිසා අපිට ලැබෙන්නෙ ගෙවන වටිනාකමට වඩා අඩු Bitcoin ප්‍රමාණයක්.
  • seller ට සල්ලි යවද්දි ඒ platform එකේ fees ටිකත් අපිටම ගෙවන්න වෙනවා. 
  • අනෙක් Bitcoin මිලදී ගන්න තැන් එක්ක බලද්දි ආරක්ෂාව ටිකක් විතර අඩුයි. 
LocalBitcoin වලට වඩා Paxful වල Bitcoin ලාබයි වගේ. ඔයාට Paxful ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් හදා ගන්න. LocalBitcoins ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් හදා ගන්න. මේ ක්‍රමය වැඩි Bitcoin ප්‍රමාණයක් ගන්න නම් සුදුසු නෑ. ඒත් පොඩි පොඩි හදිස්සි Bitcoin අවශ්‍යතා වලට නම් මේවා සෑහෙන වටිනවා. 

Indacoin 

ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් වගේම Payza පාවිච්චි කරලා ලංකාවෙ අපිට Bitcoin ගන්න පුළුවන් පහසුම ක්‍රමය Indacoin කිව්වොත් නිවැරදියි. ඒ වගේම Payza වලිනුත් ගෙවන්න පුළුවන්. ගිණුම හදන්න ලියකියවිලි මොකුත් ඕනෙ නෑ. ඕන කරන්නෙ mobile number එක විතරයි. මොකද හැම transaction එකකදිම mobile phone එකට SMS එකක් එනවා code එකක් එක්ක. ඒක සයිට් එකේ ගැහුවට පස්සෙ තමයි transaction එක සිද්ධ වෙන්නෙ.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

හැබැයි ඉතින් ක්‍රෙඩිට් හො ඩෙබිට් කාඩ් එකෙන් ගෙවනව නම් මේකත් වැඩි Bitcoin ප්‍රමාණයක් ගන්න සුදුසු නෑ. පොඩි පොඩි අවශ්‍යතා වලට නියමයි. හැබැයි Payza හරහා ගෙවනවා නම් ටිකක් ලාබයි.

😊 වාසි: 
  • අමතර ලියකියවිලි මොකුත් නැතුව හරිම පහසුවෙන් ගිණුමක් හදාගෙන Bitcoin ගන්න පුළුවන්.
  • වැඩි වෙලාවක් ගත වෙන්නෙත් නෑ. 
  • වැදගත්ම දේ ලංකාවට support කරන එක.
😢 අවාසි: 
  • Exchange Rate එක ගොඩක් වැඩි නිසා අපිට පාඩුයි. 
  • කාඩ් එකෙන් ගෙවද්දි $50 ට අඩු මිලදී ගැනීම් වලට fee එක $2 යි. එතන ඉඳලා උඩට 4% යි. 
  • Payza වලින් ගෙවන්න නම් අනිවාර්යෙන්ම Indacoin ගිණුමක් තියෙන්න ඕනේ.  
මේක ලංකාවෙ අපිට ගොඩක් වැදගත් නිසා මෙතනින් ගිහින් ගිණුමක් හදලා තියා ගන්න එක කොයිකටත් හොඳයි.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

මේකෙදි Payza වලින් ගෙවලා Bitcoin ගනිද්දි ගිණුමක් හදලා ඒකට ලොග් වෙලා dashboard එකේ තියෙන Funding Options පේජ් එකට ගිහින් Payza තෝරලා සල්ලි ගිණුමට දා ගන්න ඕනේ. ඉන් පස්සෙ Buy/Sell පේජ් එකට ගිහින් Buy BTC තෝරලා අපිට Bitcoin මිලදී ගන්න පුළුවන්.

Coinmama

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකෙන් $100 ට වැඩි Bitcoin මිලදී ගැනීම් වලට හොඳ තැනක් තමයි Coinමාමා කියන්නෙ. Exchange Rate එක අඩු නිසා ලාබයි. හැබැයි මේකෙ කලින් ඒවයෙ වගේ ලේසියෙන් Bitcoin ගන්න බෑ. ගනුදෙනු කරන්න කලින් ගිණුම verify කරන්න වෙනවා.

Verification levels 2 ක් තියෙනවා. පළවෙනි එකට ඔයාගෙ රියදුරු බලපත්‍රයේ දෙපැත්තෙම photo එකක් ඕන වෙනවා. ඒත් ජාතික හැඳුනුම්පත මේකට හරි යන්නෙ නෑ.

දෙවෙනි level එකේදි රියදුරු බලපත්‍රයේ දෙපැත්තෙම photos වගේම ඔයා රියදුරු බලපත්‍රයේ ඉස්සරහ පැත්ත පේන විදිහට අතේ තියාගෙන සෙල්ෆියකුත් ගහලා යවන්න වෙනවා. ඒ වගේම පදිංචිය තහවුරු කරන්න ෆෝන් බිලක් හරි විදුලි බිලක් හරි යවන්නත් වෙනවා.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

වැදගත්: මේ දේවල් යවනකොට ගන්න photos කිසිම app එකක් පාවිච්චි කරලා edit කරන්න එපා. අරගෙන එහෙමම යවන්න. ඒ වගේම photos ගන්න කැමරාව හොඳ quality එකක් වෙන්න ඕනේ. අඩුම තරමින් කැමරාව 5MP වත් නම් තමයි හොඳ. (දැන් ගොඩක් smartphone වල 5MP ට වඩා වැඩි කැමරාවක් එන නිසා ප්‍රශ්නයක් නෑ.) ගන්න photos පැහැදිලි වෙන්නත් ඕනේ. බොඳ වෙලා තියෙන්න බෑ. 

😊 වාසි:
  • fees වගේම Exchange Rate එකත් අඩු නිසා අපිට ගොඩක් ලාබයි. 
  • ඒ් වගේම ඉක්මනින් Bitcoin මිලදී ගන්න වගේම විකුණන්නත් පුළුවන්. 
  • ආරක්ෂාව හොඳටම තියෙනවා.
😢 අවාසි:
  • ලියකියවිලි ඕන වෙන නිසා ටිකක් කරදරයි. ඒත් පළවෙනි පාර විතරක් නිසා අවුලක් නෑ. 
verification එකේදි අදාළ photos upload කළාට පස්සෙ පැය 2ක් ඇතුළත අපි යවපුවා පැහැදිලි නම්, පිළිගන්න පුළුවන් නම් ගිණුම verify වෙනවා. ඉන් පස්සෙ තමයි අපිට ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නෙ.

මේ බැනර් එක ක්ලික් කරලා Coinමාමා ගිණුමක් හදා ගන්න.

CoinMama: Buy Bitcoins with Credit Card


Bitcoin.com

දැන් Bitcoin.com වෙබ් අඩවියෙනුත් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරලා Bitcoin ගන්න පුළුවන්. ඒකෙදිත් සමහරවිට verify කරන්න අර කිව්ව ලියකියවිලි ඕන වෙන්න පුළුවන්. එහෙම කිව්වේ තාම මම ඒකෙන් Bitcoin අරගෙන නැති නිසා.

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

පේන විදිහට නම් මේකෙනුත් Bitcoin ගන්න එච්චරම අමාරු නෑ වගේ. කැමති නම් මෙතනින් ගිහින් අත්හදා බලන්න. ගිණුම් හදන්න ඕනෙත් නෑ.

E-Bay

මේක නම් ඉතින් හැමෝම දන්න කියන තැනක්. පොඩ්ඩක් E-Bay එකට log වෙලා bitcoin කියලා search කරලා බලන්න. සමහර seller ලගෙ නම් fees සෑහෙන වැඩියි. ඒත් සමහර වෙලාවට ඔයාට ලාබෙට bitcoin හොයා ගන්න බැරි වෙන්නෙ නෑ. මේකෙ ඉතින් ගෙවන විදිහයි ආරක්ෂාවයි ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ?

ලංකාවෙ අපිට Bitcoin මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් - Best Places to Buy Bitcoin for Sri Lankans - සත්සයුර (sathsayura.blogspot.com)

මේකෙ ඉන්න ගොඩක් sellers ලගෙන් Bitcoin ගන්න එක පාඩුයි. කලාතුරකින් තමයි හොඳ seller කෙනෙක් හම්බ වෙන්නෙ. හැබැයි එහෙම අහු වුණොත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අමතක කරන්න එපා.

------

එහෙනම් Bitcoin මිලදී ගන්න පුළුවන් තැන් ගොඩක් ගැන අපි කතා කළා. ඒ අතරින් තමන්ට කැමතිම, පහසුම තැන තෝර ගන්න එක ඔයාගේ වැඩක්. මේ කිසිම සයිට් එකක් ගැන ගැඹුරට විස්තර කරන්න ගියේ නෑ මම. මොකද ඒක ගොඩක් අමාරු වැඩක් නිසා. එහෙම කරන්න ගියොත් මේ පෝස්ට් එක මාගලක් වගේ දික් වෙනවා. දැනටත් සෑහෙන දිගයි.



ජයවේවා!

මේයට සම්බන්ධ අනෙකුත් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ 

Bitcoin නෝමිලේ 02 

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු 



CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන
හැටි.


DasCoin සිංහලෙන්.


Bitcoin නෝමිලේ 01


Bitcoin සිංහලෙන් 

Friday, January 6, 2017

CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන හැටි. ( උපුටා ගැනිම සත්සයුර අඩවියෙනි )

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

තවත් දැවැන්ත පෝස්ට් එකක ආරම්භය තමයි මේ. හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි මේ අඩුවට Bitcoin ගන්න හැටි. කොච්චර තැන් තිබ්බත් CEX.io තමයි දැනට අපිට Bitcoin ගන්න තියෙන හොඳම සහ අමාරුම තැන. ඒ නිසා ඒ ගැන පෝස්ට් එකක් දාන්නම වෙනවා.

ගිණුම හදාගෙන ඒක verify කරගෙන card එක add කරලා ඒකත් verify කළාට පස්සෙ තමයි අපිට CEX.io එකේ Bitcoin ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෝස්ට් එක කොටස් 03 කට කඩලා මේ විදිහට දානවා.

CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන හැටි.


මුලින්ම CEX.io ගිණුමක් හදා ගමු. ඒකට මෙතනින් CEX.io වෙබ් අඩවියට යන්න.


ගියාට පස්සෙ CEX සයිට් එක පෙන්නනවා මෙහෙම.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඒකෙ දකුණු පැත්තෙ උඩ තියෙන සුදු පාට REGISTER කියන button එක ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් අළුත් page එකක් එනවා. ඒකෙ E-mail address එකයි password එකයි ටයිප් කරලා පහළ කොටුවේ හරි ලකුණ (tick එක) දාලා Register button එක ක්ලික් කරන්න. අනිත් පැත්තේ තියෙන options වලින් ඕන නම් Facebook, Google හරහාත් register වෙන්න පුළුවන්. ඒත් සාමාන්‍ය විදිහට ගිණුම හදන එක කෝකටත් හොඳයි.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟ page එකේදි code එකක් ඉල්ලනවා. දැන් ඔය page එකෙන් වැඩක් නෑ close කරලා දාන්න. ඉන් පස්සෙ අර කලින් register වෙනකොට දුන්න E-mail address එකට log වෙලා බලන්න. CEX එකෙන් E-mail එකක් එවලා ඇති. ඒක open කළාම Activate කියලා button එකක් පෙන්නනවා. ඒක ක්ලික් කරන්න. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් අළුත් page එකක් එනවා 2FA option එක active කරන්න. ඒකෙදි Google Authenticator හරි SMS හරි පාවිච්චි කරලා 2FA on කරගන්න පුළුවන්. SMS වලින් 2FA on කරගන්න එක ලේසියි වගේම වඩා හොඳයි. ඒ නිසා SMS/Phone Request කියන කොටුව ක්ලික් කරන්න. (කැමති නම් Google Authenticator පාවිච්චි කළාට කමක් නෑ.)

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

SMS/Phone Request තේරුවා නම් ඊළඟට phone number එක ඉල්ලනවා මේ විදිහට. රට Sri Lanka තෝරලා phone number එක දෙන්න ඉස්සරහට 0 නැතුව. (71XXXXXXX විදිහට) දීලා Next ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟට එන page එකෙන් SMS Code කියන කොටුව ක්ලික් කරන්න. එතකොට SMS එකකින් code එකක් එනවා. ආවෙ නැත්නම් Phone Call ක්ලික් කරන්න. එතකොට call එකක් එයි. ඒක answer කරලා code එක අහගන්න ඕනේ. එහෙම ගත්ත code එක ඊට පහළින් ටයිප් කරලා Next ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

(හැමදාම CEX එකට log වෙනකොට ඒ විදිහට SMS එකක් එනවා. ඒක දෙනකන් log වෙන්න දෙන්නෙ නෑ. එහෙම කරන්නෙ account එකේ වැඩි ආරක්ෂාවට.) 

ඔය ටික හරියට කළා නම් මෙහෙම page එකක් එනවා ඒකෙ Start Using CEX.io ක්ලික් කළාම ඔයාලව site එක ඇතුළට අරන් යනවා.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් තියෙන්නෙ ගිණුම verify කරගන්න. මුලින්ම ඒකට ඕන කරන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ලෑස්ති කරගන්න. පහළ තියෙන්නෙ ඒ ටික.

  • ඔයාගේ රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය (passport)
    (ලංකාව ලෝකේ වෙන කිසිම රටක නැති විදිහේ ගොඩක් දියුණු තාක්ෂණයක් යටතේ කඩදාසියක් ලැමිනේට් කරලා හැඳුනුම්පතක් විදිහට පාවිච්චි කරන රටක් නිසා ලංකාවෙ ජාතික හැඳුනුම්පත එයාලා පිළිගන්නෙ නෑ. 😂💣)
     
  • මාස 03 ක් ඇතුළත ඔයාගෙ නමට ආපු phone bill එකක් හරි electricity bill එකක් හරි. නැත්නම් මාස 03 ක් ඇතුළත ආපු bank statement එකක්. (print කරලා ආපු එකක් වෙන්න ඕනේ. E-mail එකට එන ඒවා බෑ.) ඒකත් නැත්නම් බැංකු පොතක්. (අන්තිමට මාස 03 ක් ඇතුළත වත් update වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම මුල් පිටුවේ නමයි address එකයි print කරලා තියෙන්න ඕනේ.)
     
  • හොඳ කැමරාවක් නැත්නම් Mega Pixel 5 ට වඩා වැඩි කැමරාවක් තියෙන phone එකක්.
     
  • photos ගන්න ගෙදර ඉන්න කෙනෙක්ටත් අඬගහලා ගෙන්න ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. 

හරි. දැන් CEX එකේ දකුණු පැත්තෙ උඩම තියෙන user ID එක ක්ලික් කරන්න. එතකොට පහළට menu එකක් දිග ඇරෙනවා. ඒකෙන් Verification තෝරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟට එන්නේ මෙහෙම page එකක් ඒකෙන් Start Verification තෝරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊට පස්සෙ විස්තර පුරවන්න page එකක් එනවා. ඒකෙ පහළ තියෙන විදිහට විස්තර පුරවන්න. ඔයා ළඟ තියෙන්නෙ රියදුරු බලපත්‍රය නම් Driving License කියන එක තෝරන්න. විදේශ ගමන් බලපත්‍රය නම් Passport තෝරන්න. ඉන් පස්සෙ ඒකෙ තියෙන විදිහට ඉතුරු විස්තර ටික පුරවන්න. අන්තිමට Next Step ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟට එන page එකේ ඔයාගෙ පෞද්ගලික තොරතුරු දෙන්න තියෙනවා. ඒවා හරියටම දෙන්න. බොරු ඒවා දෙන්න එපා. ඕන නම් facebook profile link එකත් දෙන්න. ඒක අනිවාර්ය නෑ. සේරම දේවල් පුරවලා ආයෙත් Next Step ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟ page එකෙන් ලිපිනය අහනවා. වම් පැත්තේ කොටසේ ඒකට රට විදිහට Sri Lanka දීලා ඉතුරු විස්තර ටික පහළ තියෙන විදිහට පුරවන්න. දෙපාරක් පුරවන්න දෙයක් නෑ දකුණු පැත්තේ උඩ තියෙන same as residential කියන එකට හරි ලකුණ (tick) දැම්මම. තමන්ගේ තැපැල් කාර්යාලයේ zip code එක දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් හොයාගන්න. 

ඒ විස්තරත් සේරම දුන්නට පස්සෙ ආයෙත් Next Step ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් එනවා අමාරුම හරිය. Scans of Documents කියන page එක. scans කිව්වට මේකට scans යවලා හරියන්නෙ නෑ. photos ම තමයි යවන්න ඕනෙ. ඒ වගේම හරියටම හරියන්න මේවා ගහලා යැව්වේ නැත්නම් කරදරයි. ඒ නිසා මේ ගැන ටිකක් විස්තර කරන්න ඕනේ.

ඔයා දැන් මේ වැඩේ කරගෙන යන්නෙ computer එකකින් නම් ඔයාගේ කැමරාව හරි phone එක හරි computer එකට connect කරලා photos ටික ඒකට copy කරගෙන computer එකෙන් upload කරන්න පුළුවන් වෙන්න ඕනේ. phone එකෙන්ම වැඩේ කරනවා නම් ඒ ප්‍රශ්නය එන්නෙ නෑ.

ගන්න photos ගොඩක් පැහැදිලි වෙන්න ඕනේ. බොඳ වෙලා තියෙන්න බෑ. driving license, passport වල එහෙම photos ගන්නකොට සුදු පාට කොළයක් උඩ තියලා ඒවයෙ තියෙන details හොඳට පේන විදිහට ගන්න ඕනේ.

කිසිම විදිහකින් photos edit කරන්න බෑ. smartphone එකකින් ගන්නවා නම් filters දාලා ගන්නත් එපා. ඒ වගේම ගන්න photos rename කරන්නත් බෑ. automatically එන name එකම photos වල තියෙන්න ඕනේ.

low quality දාලා ගන්නත් එපා high quality දාලා ගන්න. phone එකකින් ගන්නවා නම් back camera එක පාවිච්චි කරන්න front camera එක powerful නැත්නම්. තව කෙනෙක්ව කතාකරගන්න කිව්වේ අන්න ඒකයි.

හරි. දැන් අපි ආයෙත් verification ඒක පැත්තට එමු. මේ විදිහේ page එකක් තමයි ඔයාලට පෙන්නන්නෙ.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

මුලින්ම ඉල්ලන්නෙ driving license එකේ හරි passport එකේ හරි photo එකක්. ඒකට මම අර කලින් කිව්ව විදිහට ඒක සුදු පාට කොළයක් උඩ තියලා photo එක ගන්න. දෙපැත්තම ඕන නිසා photos 02 ක් ගන්න වෙනවා. මතක තියාගන්න කොන් 4 ම පැහැදිලිව පේන්න ඕනේ. පැත්තක් කැපෙන විදිහට ගන්න එපා. මේ උදාහරණය බලන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟට driving license එක හරි passport එක හරි අල්ලගෙන මූණත් හොඳට පේන විදිහට selfie එකක් ගන්න ඕනේ. ඒකෙදි driving license එකේ හරි passport එකේ හරි නම, issued date එක, expired date එක වගේ දේවල් හොඳට බොඳ නැතුව පැහැදිලිව පේන්න ඕනේ.

phone එකෙන් ගන්නවා නම්, මම අර කලින් කිව්ව විදිහට front camera එක low quality නම් වෙන කෙනෙකුට කියලා back camera එකෙන් photo එක ගන්න. ඒකෙදිත් driving license හෝ passport එක සම්පූර්ණයෙන් පේන්න ඕනේ. ඒ වගේම ඒක නිසා මූණ වැහෙන්නත් බෑ. කොහොමද photo එක තියෙන්න ඕනේ කියලා බලාගන්න පුළුවන් මේ උදාහරණයෙන්. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

අන්තිමට තියෙන්නේ proof of residency කියන එක. ඒකට අර කලින් ලෑස්ති කරගන්න කිව්ව phone/electricity bill හරි bank statement/passbook එකේ හරි පැහැදිලි photo එකක් ගන්න මුළු document එකම පේන විදිහට. එතනදි address එක පැහැදිලිව පේන එක හරිම වැදගත්.

phone bill වල නම් address එක එක පැත්තක තියෙන්නේ. විස්තර තියෙන්නේ අනිත් පැත්තේ. එහෙම වුණාම පැති 02 ම photos 02 කට ගන්න වෙනවා. 

passbook තියෙන අය address එක තියෙන පිටුවයි අන්තිමට update කරපු පිටුවයි photos 2 ක් ගන්න. මතක තියාගන්න අඩුම මාස 03 ක් ඇතුළතවත් පොත update වෙලා තියෙන්න ඕනේ. මේ උදාහරණයත් බලන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ඔය ගත්ත සේරම පැහැදිලිව වැදිලද කියලා බලලා එකින් එක පිළිවෙළට ඔය තැන්වලට upload කරන්න. photos 02 ක් දාන්න තියෙන තැන්වලදි එකක් මුලින් upload කරලා පස්සෙ දෙවෙනි එක upload කරන්න. 

සේරම හරියට upload කළාට පස්සෙ Complete Verification ක්ලික් කරන්න. ටික වෙලාවකින් මෙහෙම page එකක් එයි. ඒකෙ කොටු 02 ටම හරි ලකුණ (tick) දාලා Submit for Approval ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊට පස්සෙ මෙහෙම message එකක් පෙන්නනවා.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් කරන්න තියෙන්නෙ E-mail එකක් එනකන් බලන් ඉන්න එක. පැය 2-3 ක් වගේ යද්දි හරියට documents සේරම upload කළා නම් verification complete වුණා කියලා E-mail එකක් එනවා. වැරදි නම් වැරදි ටික කියලා message එකක් එනවා. එතකොට කරන්න ඕන වැරදි ටික හදලා ආපහු submit කරන එක.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

වැඩේ හරි ගියා නම් ඔන්න පළවෙනි පියවර ඉවරයි. දැන් යන්න තියෙන්නෙ දෙවෙනි පියවරට.

------

CREDT/DEBIT CARD එක ADD කරන ආකාරය සහ VERIFY කරන හැටි.


මුල් පියවර සාර්ථක නම් මේ පියවර එච්චර අමාරු නෑ. අපි දැන් හදන්නෙ Bitcoin ගන්න ගෙවීම් කරන්න credit හෝ debit card එකක් account එකට add කරන්න. මේක internet payment කරන්න පුළුවන් විදිහේ card එකක් වෙන්න ඕනේ.
හරි. දැන් අපි card එක add කරන්න පටන් ගමු. මුලින්ම CEX ගිණුමට log වෙලා උඩ menu එකෙන් CARDS තෝරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)
දැන් කෙළින්ම card එකේ විස්තර ඉල්ලන page එකක් එනවා. ඒක card එකේ විස්තර දීලා හරියට පුරවන්න. පුරවලා Proceed ක්ලික් කරන්න. (ගොඩක් cards වල නම print කරලා නෑ. ඒ වගේ වෙලාවට verify කරන්න දුන්න driving license එකේ හරි passport එකේ හරි තියෙන විදිහට මුල් අකුරු එක්ක නම දෙන්න.)

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ආයෙත් photos ටිකක් upload කරන්න එනවා. අර කලින් account එක verify කරනකොට කියපු කොන්දේසි ටික මෙතනටත් අදාළයි.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

මුලින්ම ඉල්ලන්නෙ selfie with your payment card කියන එක. ඒකට තමන්ගෙ card එකේ අංක තියෙන පැත්ත ඉස්සරහට අල්ලගෙන මූණත් සම්පූර්ණයෙන් පැහැදිලිව පේන විදිහට selfie එකක් ගන්න ඕනේ. (අංක පෙනුනා කියලා බය වෙන්න එපා. අපේ පෞද්ගලිකත්වය එයාලා ආරක්ෂා කරනවා.) කලින් කිව්වා වගේම මේකෙදිත් card එකේ කොන් සේරම කැපෙන්නෙ නැතුව තියෙන්න ඕනේ. ඒ වගේම විස්තර පැහැදිලිව පේන්න ඕනේ. card එක නිසා මූණ වැහෙන්නත් බෑ. මූණ සම්පූර්ණයෙන් පේන්නත් ඕනේ.

කලින් වගේම මේකත් තමන්ට ගන්න අමාරුයි නම් වෙන කෙනෙකුට කියලා ගන්න. කොහොමද photo එක තියෙන්න ඕනේ කියන එක මේ උදාහරණයෙන් බලාගන්න පුළුවන්. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

(කොමර්ෂල් බැංකුවේ card එක ටිකක් අඳුරු නිසා අංක හරියට පේන්නෙ නෑ කොච්චර හොඳ කැමරාවකින් ගත්තත්. ඒ නිසා ඉස්සරහින් light එකක් card එකට අල්ලන්න කියලා photo එක ගන්නව නම් වඩාත් හොඳයි. නැත්නම් හොඳට එළිය එන තැනක ඉඳලා photo එක ගන්න.)

ඊළඟට ඉල්ලන්නේ payment card next to your ID කියන එක. ඒකට කලින් account එක verify කරනකොට දුන්න driving license එක හරි passport එක හරි එක්ක credit හෝ debit card එක (ඉස්සරහ පැත්ත), එක ළඟ තියලා photo එකක් ගන්න ඕනේ.

මේකෙදි cards දෙකම සුදු කොළයක් උඩ තියලා පැහැදිලිව ඒවයෙ විස්තර පේන විදිහට වගේම කොන් සේරම කැපෙන්නෙ නැති විදිහට photo එක ගන්න ඕනේ. බොඳ වෙන්නත් බෑ. (මේකෙදි වෙන වෙනම cards දෙකේ photos ගන්න එපා. එක ළඟ තියලා තනි photo එකක් ගන්න.) 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ඔය ගත්ත photos දෙකත් පිළිවෙළට upload කරලා ආයෙත් Proceed ක්ලික් කරන්න.

දැන් card එකේ CVV code එක ඉල්ලනවා. ඒකට කාඩ් එකේ අත්සන තියෙන පැත්තේ අත්සනට දකුණු පැත්තෙන් තියෙන ඉලක්කම් තුන දෙන්න. (computer එකකින් කරනවා නම් සමහර විට numlock keypad එකෙන් ටයිප් කරන්න බැරිවෙයි. එහෙම වුණොත් ඉංග්‍රීසි අකුරුවලට උඩින් තියෙන keys ටික පාවිච්චි කරන්න.)

අන්තිමට ආයෙත් Proceed ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟට එන්නේ මේ විදිහේ page එකක්. මෙතනදි CEX එකෙන් අපේ card එකෙන් ඩොලර් 0.01 ත් 0.99 ත් අතර ගාණක් කපා ගන්නවා. (ඒක එවලෙම ආපහු ගෙවනවා.) ඒ කපා ගත්ත ගාණ කීයක්ද කියලා අපෙන් අහනවා. එහෙම අහන්නෙ card එක අපේම කියලා තහවුරු කරගන්න ඕන නිසා. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ඔයා ඔයාගෙ බැංකුවෙන් එන SMS alerts on කරගෙන ඉන්න කෙනෙක් නම් ලේසියෙන්ම මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් card එකේ තියෙන hotline number එකට කතා කරලා ගන්න වෙනවා. (Payoneer වගේ online wallet එකක card එකකදි නම් account එකට log වුණාම කැපුණ ගාණ ලේසියෙන්ම බලාගන්න පුළුවන්.)

ඒත්, 

මම නම් කියන්නේ ලංකාවෙ බැංකු ගිණුමක card එකක් නම් අනිවාර්යෙන්ම card එකේ තියෙන hotline එකට කතා කරන්න. කතා කරලා කියන්න, "මම CEX.io කියන website එකට payment එකක් කළා. ඒකෙදි කැපුණ ගාණ දැනගන්න ඕනේ." කියලා.

ඉන් පස්සෙ එයාලා ඔයාගේ සම්පූර්ණ නම, උපන් දිනය වගේ විස්තර ටිකක් අහලා ඔයාගෙ අනන්‍යතාව තහවුරු කරගෙන කැපුණ ගාණ ඩොලර් මෙච්චරයි කියලා කියයි. 


ඉන් පස්සෙ ඔයා අහන්න "මට ඒ transaction එකේ ඉලක්කම් 06 ක transaction code එකක් ඇති, ඒක ගන්න පුළුවන්ද?" කියලා. සමහරවිට එයාල කෙළින්ම එ්ක දෙයි. නැත්නම් සල්ලි ආපහු refund වෙලා නිසා දෙන්න බෑ කියයි. එහෙම කිව්වොත් "ඒ payment එකට අදාළව මොකක්හරි ඉලක්කම් හෝ අකුරු 06 ක code එකක් අනිවාර්යෙන් ඇති. මට ඒක දෙන්න." කියන්න.

ඒත් එහෙම එකක් නෑ කිව්වොත් "එහෙම එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ, මේ card එකෙන්ම මේ වෙබ්සයිට් එකටම සල්ලි දාලා refund ආපු අයට එහෙම code එකක් ආවා නම්, website එකෙන් එහෙම එකක් එව්වා කියලත් කියනවා නම් නැති වෙන්නේ කොහොමද?" කියලා අහන්න. එතකොට නම් අනිවාර්යෙන් දෙන්නම ඕනේ. 😂


(ඒත් බෑ කියලා ගේම ම ඉල්ලනවා නම් ඔයාව ඉහළ නිළධාරියෙකුට සම්බන්ධ කරන්න කියලා එයාට විස්තරේ කියන්න. කොහොමහරි ඒ ඉලක්කම් 06 ක code එක අරගෙන ලියලා තියාගන්න. ඉස්සරහට ඒක අනිවාර්යෙන් ඕන වෙනවා.

දැන් අර කැපුණ ගාණ ගැනනේ අපි කතා කර කර හිටියේ. අර code එක ලියලා තියාගත්තා නම් ඒක පොඩ්ඩක් පැත්තකට කරලා කැපුණ ගාණ හරියටම ටයිප් කරලා ආයෙත් Proceed ක්ලික් කරන්න.

දැන් මෙහෙම page එකක් එයි. ආයෙත් කරන්න තියෙන්නේ E-mail එකක් එනකන් පැයක් දෙකක් බලන් ඉන්න එක තමයි. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

(upload කරපු photos වල හරි දුන්න තොරතුරු වල හරි වැරැද්දක් තියෙනවා නම් ඒ වැරැද්ද කියලා E-mail එකක් එනවා. එතකොට ඒ වැරැද්ද නිවැරදි කරලා ආයෙත් submit කරන්න.) 

අර upload කරපු photos එහෙම හරියට තියෙනවා නම්, ටික වෙලාවකින් E-mail එකක් එයි මෙහෙම. දැන් තමයි අර බැංකුවේ customer support එකත් එක්ක කරපු සංවාදයේ වටිනාකම තේරෙන්නේ. CEX එකට කලින් කරපු payment එකේ Authorization Code කියලා එකක් ඉල්ලනවා. 

දැන් ඉතින් අර ඉල්ලගත්තු අකුරු හෝ ඉලක්කම් 06 ක code එක ඒ E-mail එකටම reply කරන්න. තවත් පැයක් විතර ගියාට පස්සෙ තව E-mail එකක් එයි card verification එකත් complete වුණා කියලා.

මේ විදිහට එක card එකක් නෙවෙයි cards කිහිපයක්ම වුණත් අපිට අපේ ගිණුමට add කරලා verify කරගන්න පුළුවන්. 

ඔන්න දැන් ඔයා CEX එකට ගෙවලා Bitcoin අරගන්න සේරම සුදුසුකම් සම්පූර්ණ කරලා ඉවරයි.

------

සල්ලි DEPOSIT කරලා BITCOIN අරන් WITHDRAW කරන හැටි.


පෝස්ට් එක කොච්චර දිග වුණත් මේ ගැනත් නොකියාම බෑ. දැන් අපි බලමු කොහොමද card එකෙන් සල්ලි ගෙවලා Bitcoin ගන්නෙ කියලා.

මුලින්ම CEX ගිණුමට log වෙන්න. දැන් මුල් පිටුවේ හැම තැනම මේ විදිහට Bitcoin buy කරන්න ලින්ක් තියෙනවා. ඒත් ඒවා ක්ලික් කරලා Bitcoin ගන්න ගියොත් අපිට පාඩුයි. මොකද දැනට තියෙන මිලට වඩා වැඩි මිලකට තමයි මේවයින් Bitcoin ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒවා හරහා ගිහින් Bitcoin ගන්න එපා. 


CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)
හරි විදිහට Bitcoin ගන්න නම් මේ විදිහට කරන්න. මුලින්ම දකුණු පැත්තෙ උඩ තියෙන කොළ පාට DEPOSIT කියන button එක ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

එතකොට මෙහෙම page එකක් එනවා. ඒකෙ දකුණු පැත්තෙ උඩ select Currency and amount කියන තැන currency එක විදිහට USD තෝරලා ඔයා Bitcoin ගන්න ගෙවන්න බලාපොරොත්තු වෙන ගාණ ටයිප් කරන්න. (deposit කරන්න පුළුවන් අවම ගාණ $20 යි.)

(ඔයා Bitcoin ගන්නේ Dascoin පැකේජ් එකකට නම් මුලින් coinleaders එකෙන් order එක place කරලා invoice එක අරගෙන ගෙවන්න ඕන Bitcoin ගාණ බලලා ඒකට යන USD ගාණ බලාගෙන ඉන්න. )

දැන් වම් පැත්තෙන් Payment method එක විදිහට Payment Card තෝරලා පහළින් payment card එක විදිහට කලින් add කරපු card එක තෝරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

එතකොට ආයෙත් අපි කලින් verify කරගත්තු card එකේ CVV code එක ඉල්ලනවා. ඉතින් දැන් දන්නවනෙ CVV කියන්නෙ මොකක්ද කියලා. ඒක type කරලා ඊට මෙහායින් තියෙන කොටුවට හරි ලකුණ (tick) දාලා Deposit ක්ලික් කරන්න. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ඒ page එකේම තමන්ගේ බැංකුවට අදාළව online payment එකක් කරනකොට පුරුදු විදිහට SMS code එකක් phone එකට එවලා ඒක ටයිප් කරන්න කියයි. ඒක ඒ විදිහටම කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

හරියට සේරම සිද්ධ වුණා නම් වගේම කාඩ් එකේ payment එකට ඇති තරම් සල්ලි තිබුණා නම් Deposit Successful වේවි. මේ විදිහට message එකක් එනවා ඒක Close කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් සල්ලි හරියට add වුණාද කියලා අපිට බලාගන්න පුළුවන් උඩ menu එකට පහළින් තියෙන balance වලින්.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඊළඟට යන්න තියෙන්නෙ Bitcoin ගන්න. ඒකට මුලින්ම උඩ menu එකෙන් TRADE තෝරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් උඩ menu එකේම තියෙනවා මේ වෙලාවේ Bitcoin එකක මිල. ඒක බලාගන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඒක බලාගෙන trade page එකේ පහළට scroll කරගෙන යන්න එතකොට හම්බ වේවි Buy BTC කියලා කොටුවක්.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඒකෙ Price Per BTC කියන තැනට අර බලා ගත්ත ගාණට වඩා පොඩ්ඩක් වැඩියෙන් දාන්න. උදාහරණයක් විදිහට මේ වෙලාවේ Bitcoin එකක අගය $869.5 යි නම් අපි මෙතන දෙන්න ඕනෙ $870 කියලා.

ඊළඟට ගන්න ඕන Bitcoin ගාණ. තමන්ට ඕන කරන ගාණ විතරක් මෙතන දාන්නත් පුළුවන්. deposit කරපු ඩොලර් සේරගෙන්ම Bitcoin ගන්න ඕනෙ නම් මුලින් වැඩි ගාණක් ටයිප් කරන්න. එතකොට message එකක් එනවා උපරිම ගන්න පුළුවන් මෙච්චරයි කියලා. අන්න ඒ ගාණ copy කරලා ආයෙම අර කොටුවටම paste කරන්න.

අන්තිමට Place Order ක්ලික් කරලා එන message එක Confirm කරන්න.

දැන් ටික වෙලාවකින් දකුණු පැත්තෙ උඩින් BTC buy වෙන notitications පෙන්නයි. page එක refresh කළාම උඩ menu එකට පහළින් Bitcoin buy වෙලා තියෙනවා පෙනේවි.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

හරියටම trade එක සිද්ධ වුණාද කියලා බලන්න නම් finance page එකට යන්න වෙනවා. ඒකට උඩ menu එකෙන් FINANCE තෝරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් trade page එකේ ඔයාලට පේනවා ඇති හරියට Bitcoin buy වුණාද නැද්ද කියලා. USD ඉස්සරහ In Orders වල 0 පෙන්නන්නෙ නැතුව යම් ගාණක් පෙන්නනවා නම් ඒ කියන්නෙ තාම Bitcoin buy වෙලා ඉවර නෑ කියන එක. එහෙම වුණොත් තව ටික වෙලාවක් ඉන්න වෙනවා. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

BTC balance එකේ හරියට Bitcoin ටික ඇවිත් තියෙනවා නම් දැන් තියෙන්නෙ withdraw කරන්න. ඒකට finance page එකේම BTC ඉස්සරහ තියෙන Withdrawal button එක ක්ලික් කරන්න. නැත්නම් උඩ menu එකට පහළින් දකුණු පැත්තේ තියෙන ලොකු WITHDRAW button එක ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් withdraw page එක පෙන්නනවා. withdraw කරන්න නම් අපිට bitcoin wallet එකක් තියෙන්න ඕනේ. Coinbase, Blockchain වගේ ඕනම wallet එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් Xapo පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. මොකද Xapo වල Bitcoin ගනුදෙනු වලට fees අය කිරීමක් සිද්ධ වෙන්නේ නෑ. 

වැදගත්: Dascoin පැකේජ් ගන්න වගේ දේවල් වලට කෙළින්ම CEX.io එකෙන්  Bitcoin යවන්න එපා. ඒක ඒ තරම් සුදුසු නෑ. ඒ නිසා හොඳම දේ Xapo වගේ wallet එකකට Bitcoin අරගෙන ඒ හරහා අදාළ payment එක කරන එක.

දැන් ආයෙත් withdraw කරන හැටි ගැන කතා කළොත් මුලින්ම withdraw page එකේ currency එක විදිහට BTC දාලා withdraw කරන්න ඕන Bitcoin ගාණ දාන්න. account එකේ තියෙන සේරම withdraw කරන්න ඕන නම් account එකේ තියෙනවට වඩා වැඩි ගාණක් ටයිප් කළාම එන message එකේ පෙන්නන ගාණ බලාගෙන ආපහු ඒ කොටුවේ ටයිප් කරන්න.

දැන් Withdrawal method එක විදිහට CryptoPay තෝරන්න. එතකොට BTC address එක ඉල්ලනවා. එතනට ඔයාගේ Xapo, Coinbase වගේ wallet එකක BTC address එක copy-paste කරන්න. අන්තිමට Withdraw ක්ලික් කරන්න.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

දැන් ඔයාගේ ෆෝන් එකට code එකක් ගෙන්නගෙන withdrawal එක verify කරන්න ඕනේ. ඒකට ලැබෙන page එකෙන් SMS තෝරන්න. එතකොට code එක එනවා ඔයා CEX.io එකට add කරපු number එකට. ඒක ටයිප් කරලා Confirm ක්ලික් කරන්න. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)
අන්තිම පියවර විදිහට ඔයාගේ CEX.io එකේ register වෙනකොට දුන්න ඊ-මේල් ගිණුමට e-mail එකක් එනවා. ඒ නිසා ඊ-මේල් ගිණුමට ලොග් වෙලා ඇවිත් තියෙන mail එකේ තියෙන Confirm button එක ක්ලික් කරන්න.

දැන් CEX.io එකේ මෙහෙම page එකක් පෙන්නනවා. ටික වෙලාවක් බලාගෙන ඉන්න ඒක close නොකර.

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

අන්තිමට ටික වෙලාවකින් මෙන්න මෙහෙම page එකක් එයි. ඒ කියන්නෙ withdrawal එක process වෙන්න දැම්මා කියලා message එකක්. 

CEX.io ගිණුම හදලා Verify කරලා Bitcoin ගන්න හැටි. - Complete guide to use CEX.io for bitcoin trading in Sinhala | සත්සයුර (www.sathsayura.lk)

ඉන් පස්සෙ wallet එකට Bitcoin එන්න විනාඩි 15 වගේ ඉඳලා පැය 02 වගේ වෙනකන් කාලයක් යනවා. ඉන් පස්සෙ ඔයාගෙ Bitcoin wallet එකට Bitcoin ඇවිත් transaction එක complete වෙලා තියේවි. (transaction එක complete වෙන්න කලින් pending කියලා පෙන්නුවට ඔයාට ඒවා payment එකකට පාවිච්චි කරන්න බෑ.) ඒ නිසා transaction එක complete වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය payment එක wallet එක හරහා කරගන්න.

එහෙනම් වැඩේ ඉවරයි. CEX.io ගැන කියන්න තියෙන හැම දේම වගේ කිව්වා. CEX.io පාවිච්චි කරන අයට මේක ගොඩක් වැදගත් වෙයි.

------

මේ ටිකත් කියන්න ඕනේ. ඔයාට තමන් හොයපු Bitcoin ආපහු තමන්ගේ බැංකු ගිණුමට ගන්න ඕන නම් CEX.io එකෙන් ඒකටත් පහසුකම් සලසලා තියෙනවා. අපි add කරපු card එකට හරි, bank transfer එකකින් හරි (තාම අත්හදා බලලා නෑ) Bitcoin රුපියල් වලට හරවලා අපේ බැංකු ගිණුමට ගෙන්න ගන්න පුළුවන්. ඒ ගැනත් දැනගෙන ඉන්න එක වටින නිසයි කියන්න හිතුවෙ.

ඔන්න එහෙනම් දවස් ගාණක් තිස්සේ හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු, විශේෂයෙන්ම Dascoin ගන්න අය බලාපොරොත්තුවෙන් හිටපු පෝස්ට් එක දවස් ගාණක මහන්සියකින් පස්සෙ මේ විදිහට ඉවර කරනවා. මේ පෝස්ට් එක ලියද්දි අඩුවෙලා තිබ්බ screenshots දුන්න අයට ගොඩක් ස්තුතියි. 



ජයවේවා හැමෝටම..!  මේයට සම්බන්ධ අනෙකුත් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ 

Bitcoin නෝමිලේ 02 

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු 

 BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක්


DasCoin සිංහලෙන්.


Bitcoin නෝමිලේ 01


Bitcoin සිංහලෙන්