Saturday, December 10, 2016

DasCoin සිංහලෙන්. ( උපුටාගැනිම තිරසාර අඩවියෙනි )

ලංකාව ඇතුලත වගේම, මේ වෙනකොටත් ලෝකයේ තවත් රටවල් ගණනාවක් අතර වේගයෙන් පැතිර යන Coins ජාතියක් ගැන කියන්න ඕනෙ කියල හිතුනා. මේ වෙනකොටත් ලංකාවෙ ගොඩාක් දෙනෙක් දැනටමත් තමන්ට පුලුවන් උපරිමයෙන්ම DasCoin ගන්න උනන්දු වෙලා තියෙනවා… ඇත්තටම එහෙම ප්‍රවණතාවක් දකිද්දි මාරම සතු‍ටුයි 🙂
මම දැන් ඉතින් අනිත් බ්ලොග් ලියන්නන් වගේම, DasCoin කියන්නෙ මොනවදඒකෙන් මොකක්ද වෙන්නෙ වගේ අනන් මනන් වල් පල් කියන්න යන්නෑ… කෙලින්ම කොහොමද DasCoin ගන්නෙ කියලම වැඩේට බහින්නම්කෝ…. කතාව යන ගමන් ඔයාලට වැදගත් දේවල් කියවන්න හම්බවෙයි.
දැන් ඉතින් අනිව කියනවනේ…. මූ එක පාරටම DasCoin ගන්න කියනව. අපි මේ ගැන මෙලෝම මගුලක් දෙන්නෙත් නැහැ කියලා… මම ඔයාලට දෙන්නෙ මී පැණි සාගරේකින් චුට්ටිම චුට්ටි බිංදක් විතරයි… උවමනාවක් තියෙන කෙනා අනිවාර්යයෙන්ම ඒ මී පැණි සාගරේට බැහැල ඇති වෙනකම් මී පැණි බොනවමයි !!! ඕනතරම් DasCoin  ගැන හොයන්න විදි (Sources) තියෙද්දි, ඇයි මම කෙනෙක්ව හරකෙක් දක්කනව වගේ දක්කන්නෙ???
Ex-
  • Google
  • YouTube
මම උත්සාහ කරන්නෙ බලෙන් මී පැණි පොවන්න නෙමෙයි, බොන්න හදන කෙනාට උදව්වක් දෙන්නයි

කෙනෙක් අහන්න පුලුවන් ඇයි අපි DasCoin ගන්නෙ කියලා…

මටනම් දෙන්න තියෙන්නෙ සරල උත්තරයයි. අනාගතේ ගැන හිතල, අවදානමක් අරන්, අපි අපේ මුදල් ආයෝජනය කරනවා !!!
DasCoin ගන්න කලින් දැනටමත් වෙලා තියෙන වෙනස්කම් ගැන පොඩ්ඩක් කියලම වැඩේ පටන් ගන්න ඕනෙ කියල හිතුනා. මොකද මේ දවස් වල DasCoin ගන්න තියෙන site එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා… ඒ ගැන දැනුවත් වෙලාම ඉන්න. ප්‍රධාන වශයෙන් site එක මාරු වීමක් තමයි වෙලා තියෙන්නේ… ඒ කියන්නෙ site එකේ නම,
CoinLeaders ඉදන් NetLeaders වෙනකම් මාරුවෙලා තියෙනවා… ඕක ඉතින් touch එකේ ඉනන් කෙනෙක්ට අලුත් දෙයක්නම් නෙමෙයි (මී පැණි සාගරේ බැහැල පීනන කෙනෙක්ට). මොකද එයාල කලින්ම එහෙම දෙයක් ඉස්සරට වෙනව කියල දැනුම් දීලම තිබුනනේ…. සමහර මිනිස්සු ගැන දන්නෙ නැද්ද ඉතින්…. හොස්ස ලගින් මැස්ස යන්න බැහැනේ…. නැට්ට පාගගෙන දගලනවා…

දැන් ඉතින් අහනවනේ ඇයි ඔහොම sites මාරු වෙන්නෙ, එකක්ම දිගටම කරගෙන යන්න පුලුවන්නෙ කියලා…

මට FaceBook Group එකක දැක්ක post එකක් මතක් උනා… ඒකෙන්ම ඔයාලට තේරෙයි ඇයි එහෙම මාරු වෙන්න ඕනෙ කියලා… ඒ post එක කියවලත් තෙරුනේ නැත්තම් වැඩිය හිතන්න එපා…, අත ඇරල දාන්න… 😉
කැරපොත්තා සහ ඩයිනෝසර්..
පුංචි කතාවක්.. 
කැරපොත්තා… ගොඩක් අය අප්‍රිය කරන පුංචි සතෙක්.. ඒත් ඩයිනසෝර්.. ගොඩක් දෙනෙක් කැමති සතෙක්.. මේ දෙන්නගෙන් කවුරු වෙන්නද කැමති කියලා ඇහුවොත් හැමෝම කියන්නේ ඩයිනෝසර් වගේ වෙන්න තමයි කැමති… 😌😌😌
දෙයක් කියන්නද.. කැරපොත්තා ගැන.. ඌ එදත් හිටියා.. ඒ කියන්නේ මීට වසර මිලියන ගනනකට කලිනුත් හිටියා… ඌ අදත් ඒ විදියටම ඉන්නවා… හෙටත් ඉදීවී. 😌
ඒත්… ඩයිනෝසිරස්ලා.. මීට අවුරුදු මිලියන ගානකට කලින් හිටියා.. නමුත් අද වෙනකොට ඩයිනෝසිරස්ලාගේ සැකිල්ලක් හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්… 😔😔
ඇයි එහෙම උනේ… කැරපොත්තා එදා ඉදන් අද වෙනකන් ජීවත් වෙන්නයි.. මහ විශාල ඩයිනෝසිරස්ලා නැති වෙන්නයි හේතුව මොකක්ද….???? හේතුව තමයි ” වෙනස් නොවීම. වෙනසට ඔරොත්තු නොදීම. ” 😊😊
දේශගුණික වෙනස් වීම් එක්ක අර පුංචි කැරපොත්තා වෙනස් උනා.. ඩයිනෝසර් ලා වෙනස් වෙන්න බැරි උනා.. උන් පරපුරම විනාශ වෙලා ගියා..
ඉතින්…. වෙනස් වෙන්න කාලේ හරි.. 😌😌😌😌😌..
දැන් වටේ ගියා හොදටම ඇති වගේ… එහෙනම් අපි වැඩේට බහිමුකෝ… මම පියවරෙන් පියවර කියල දෙන්නම්… කලින් අපි CoinLeaders එකේ DasCoin order එකක් දාල License එක ගත්තට වඩා, NetLeaders එකේ අනුගමනය කරන්න තියෙන පිලිවෙල පොඩ්ඩක් විතර වෙනස්…. Order  එකක් දාන්න කලින් මෙන්න මේ කරුණු ටික කලින්ම මතක තියා ගත්තොත් හොදයි කියලයි මට හිතෙන්නෙ….
  1. Register/Sign up වෙද්දි තමන්ගෙ ඇත්තම තොරතුරු ඇතුලත් කරන්න… එහෙම කියන්න ප්‍රධානම හේතුව, ඉස්සරහට KYC (Know Your Customer) verification එක එනවා… එතකොට NetLeader account එක තමන්ටම අයිති කියල තමන්ට ඔප්පු කරන්නම වෙනවා… එහෙම ඔප්පු කරගන්න බැරි උනොත් ඉතින් sorryම තමයි.
  2. ඉස්සර වගේ DasCoin order එකක් පැය 24ක් වලංගු නැහෑ… දැන් වලංගු විනාඩි 15යි…. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට Bitcoin ලෑස්ති කරගෙනම DasCoin order එක දාන්න…
  3. අනිවාර්යයෙන්ම හදන හැම account එකකටම, දාන්න පුලුවන් උපරිම security දාගන්න…
  4. එන හැම Agreement එකක්ම හොදට කියවන්න…

DasCoin order එකක් දාල, අපේ License එක Bitcoin වලින් pay කරලා Active කරගන්නේ කොහොමද???

  • Order එකක් දාන්න කලින් අපි මුලින්ම NetLeader account එකක් හදාගෙන ඉන්න ඕනේ… මෙන්න මේ ලින්ක් එක පාවිච්චි කරල මම කියන විදිහට account එක හදා ගන්නකෝ…

DasCoin ====> https://netleaders.com/ref/darsana1988

ඔය ලින්ක් එකට ගියාට පස්සෙ ඔයාට එන්නෙ මෙන්න මේ වගේ page එකක්. මේ page එකේ අහන හැම දේකටම ඔයාගෙ ඇත්තම තොරතුරු දාන්න….
සියලුම විස්තර පුරවලා, Register කියන button එක click කරහම ඔයාට මෙන්න මේ වගෙ message එකක් දැක ගන්න පුලුවන් වෙයි, ඕකෙන් කියන්නෙ ඔයාගෙ Email එකට ඇවිත් තියෙන ලින්ක් එකෙන් ඔයගෙ account එක Active කරන්න කියලයි…
Email එකට එන ලින්ක් එක,
Account එක confirm කරාට පස්සෙ ඔයාට තියෙන්නෙ, තමන්ගෙ login details ගහලා NetLeader account එකට log වෙන්න තමයි ඉතින්. මෙන්න මේ විදිහට,
login details දාල log උනහම ඔයාල කෙලින්ම යන්නෙ, පහලින් පෙන්නල තියෙන page එකටයි. මෙතනින් තමයි අපිට කැමති DasCoin License එක මිලදී ගන්න පුලුවන් වෙන්නේ…
තමන්ගෙ අතේ තියෙන ගානට සරිලන License එක ‍තෝරල “CHOOSE” කියන button එක උඩ click කරන්න. එතකොට ඔයාලව ඊලග step එකට move වෙයි. ඔයාලට ලොකු Agreement එකක් පෙනෙයි. මතක ඇතුව අකුරක් නෑර කියවල ඉන්න…. මොකද ලංකවෙ ගොඩක් අය ඔය Agreement එක කියවන්නෙම නැහෑ…
හොදට කියවල ඉවර වෙලා “”PROCEED” කරන්න. ඊලගට එන්නෙ License එකට අදාල මුදල් ගෙවීමට බලාපොරොත්තු වෙන විදිහ ‍තෝරන්නයි… ලංකාවෙ අපිටනම් ඉතින් ලේසිම සහ ඉක්මන්ම ක්‍රමය Bitcoin මගින් pay කරන එක තමයි… Payment Method එක විදිහට “Bitcoin payment” ‍තෝරල “CHOOSE” කියන button එක click කරන්න…
ඊලගට එන්නෙ අපි කවුරුවත් මීට කලින් දැකපු නැති page එකක්… “Advocate”
“Advocate” කියන එකට අපි €45ක් ගෙවන්න ඕනේ… මේකනම් අපි ගෙවන්න ඕනෙ එකම එක පාරයි… හරියට membership fee එකක් වගේම තමයි… ඔයා DasCoin promote කරන්න බලාපොරොත්තු වෙනවනම්, “Advocate” කියන එකට €45ක් pay කරන්නම ඕනේ… මොක්ද නැත්තම් ඔයාට ඔයගෙ referrals ලගෙන් commissions හම්බ වෙන්නෙ නැහෑ…
“Advocate” membership fee එක ගෙවන්න ඕනේ December 24 වෙනිදයින් පස්සෙ License ගන්න කට්ටිය විතරයි…. December 24 ට කලින්  License අරන් තියෙන, promote කරන්න බලාපොරොත්තුවෙන අය, “Advocate” membership fee එක ගෙවන්න ඕනෙ නැහෑ….
අලුතින් License අරන්, promote කරන්න බලාපොරොත්තුවෙන අය, referrals commissions ගන්නනම් අනිවාර් යයෙන්ම “Advocate” membershipඑක ගන්නම ඕනේ…….
Advocate page එකෙන් පස්සෙ එන්නෙ පහල තියෙන Invoice එක… මේක අපි ගන්න License එකට අනුව වෙනස් වෙනවා…
අපි ගන්න යන License එකට අදාලව, යන සම්පුර්ණ මුදල පෙන්නල තියෙනවා… ඔක්කොම details හරිනම් “PAY INVOICE WITH BITCOIN”  button එක click කරන්න. ඊලගට අපිට එන්නෙ අපි යවන්න ඕන මුදල සහ ඒ මුදල යවන්න ඕන wallet address එක අන්තර්ගත page එකක්. අපිට අපේ payment එක කරන්න හම්බ වෙන්නෙ උපරිම විනාඩි 15ක් පමණයි.

එහෙනම් පුලුවන් ඉක්මණින් අතේ සල්ලි තියෙන වෙලාවක, අවදානමක් ගන්න කැමතිනම්, අනිවාර්යයෙන්ම DasCoin License එකක් අරන් දාල තියන්න…. අවුරුදු 2-3ක plan එකක්නේ… 😉

කිසියම් ගැටලුවක් තියෙනවානම් 071 2983598 අමතන්න




‍ෙ



මේයට සම්බන්ධ අනෙකුත් ලිපි

yobit ගිණුමට සල්ලි දැමිම සහ නැවත ගැනිම

bitcoin වෙනුවට නිකුත් වු bitcoin cash නෝමිලේ 

Bitcoin නෝමිලේ 02 

ඩිජිටල් කාසි වලින් අසීමිතව මුදල් හොයමු  


BITCOIN මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් 


CEX ගිණුම සාදන ආකාරය සහ VERIFY කරන
හැටි.



Bitcoin නෝමිලේ 01


Bitcoin සිංහලෙන් 

2 comments: